නැගෙනහිර පලාතේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ නගරය මධ්‍යයේ පිහිටා ඇති අග්‍රබෝධී විහාරය මුල්කර ගනිමින් 1959 වර්ෂයේ කන්තලේ ප්‍රදේශයට සිංහල පාසල් හිඟ අවස්ථාවක රජ්‍ය අනුග්‍රහයකින් තොරව පූජ්‍ය නැගෙනහිර නාරද හිමියන්ගේ සංකල්පයක් මත "නැගෙනහිර බෞද්ධ අධ්‍යාපන සංගමය" මැදිහත් වීමෙන් කන්තලේ රජමහා විහාරයේ භූමියේ කොටසක පාසලකට සුදුසු ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී.
1959.02.02 දින ත්‍රිකුණාමල දිසාපති ඇන්ටන් ආර් මැක්හෙයිසර් මහතාගේ හා දිස්ත්‍රික් ඉඩම් නිලධාරී පි.එස්.බි.අදිකාරම් මහතාගේ ප්‍රධානත්වයෙන් "අග්‍රබෝධි විද්‍යාලය" ආරම්භ විය.සිසු දරුවන් 34 දෙනෙකු ගෙන් ආරම්භ කරන ලද මෙම විද්‍යාලයට අවශ්‍ය උපකරණ නැගෙනහිර බෞද්ධ අධ්‍යාපන ආයතනය මගින් ලබා දී තිබුණි.මෙසේ ආරම්භ කරන ලද විද්‍යාලයේ ප්‍රථම උපගුරුවරියක වශයෙන් ඇස්ලින් සිල්වා මෙනවිය වැඩභාරගන්නා ලදී.
1959.09.01 දින එලෙස ආරම්භ කරන ලද විද්‍යාලය සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන අතර විදුහල්පතිධුරය සදහා එස්.ජයවීර මහතා පත්වේ. මේ වන විට ගුරුබවතුන් 4 දෙනෙකු සේවය කරන අතර සිසු දරුවන් 138 දෙනෙකු අධ්‍යාපනය ලබන පාසල "රජයේඅග්‍රබෝධි විද්‍යාලය" බවට පත්විය.
1970 දශකයෙදී විද්‍යාලය විශේෂ කඩයිමක් පසු කළ අතර අග්‍රබෝධි ඉතිහාසයේ ප්‍රථම වරට විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් සිසුවා වශයෙන් සුනිල් ශාන්ත සිසුවා තේරී පත්විය. පසු කලක ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.
මේවන විට ත්‍රීකුණාමල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරළ මැතිතුමා ද අග්‍රබෝධි මවුගෙන් අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යකි.
1980 චන විට සිසු දරුවන් 1500 ආසන්න ප්‍රමාණයක් ඉගනුම ලැබු අතර 60 කට ආසන්න අචාර්යය මණ්ඩලයක් සේවය කරනු ලැබිය.ත්‍රස්තවාදි උවදුරු සදහා නිතර ගොදුරු වු විද්‍යාලය විවිධ අවස්ථාවලිදි අනාථ කදවුරු සදහා යොදාගෙන ඇත. 1987 වර්ෂයේ අයි.එම්.ආර්.ඊරිගොල්ල මහතා විසින් මෙම විද්‍යාලය “මහා විද්‍යාලයක්” බවට පත්කලේය.
වර්ෂ 1990 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්ථකාලයක් ද පාසලට එකතු විය.
1990 දශකයේ කන්තලේ අධ්‍යාපන කලාපයේ පලමු "පර්ෂද මූලස්ථ විද්‍යාලය" ලෙස අග්‍රබෝධි විද්‍යාලය නම් කෙරිණි. 1994.07.07 දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ප්‍රථම සිංහල මාධ්‍ය ජාතික පාසල ලෙස උතුරු නැගෙනහිර ගරු ආණ්ඩුකාර ලයනල් ප්‍රනාන්දු මහතා සුරතින් අග්‍රබෝධි මහා විද්‍යාලය "අග්‍රබෝධි ජාතික පාසල" බවට පත් කෙරිණි
|
ආරම්භ කළ වර්ෂය |
1959 පෙබරවාරි 02 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
04 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
34 |
|
මුල් විදුහල්පතිතුමාගේ නම |
එස්.ජයවීර |
|
මුල් ගුරුවරයාගේ නම |
ඇස්ලින් සිල්වා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ත්‍රී/අග්‍රබෝධි පාසල කන්තලේ |
|
පාසල ඉදිකිරීමේ සංකල්පය |
පූජ්‍ය බටගොල්ලේ නාරද හිමි |
|
පාසල රජයට පවරාගත් දිනය |
1959 සැප්තැම්බර් 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
|
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
|