
නැගෙනහිර පලාතේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ නගරය මධ්‍යයේ පිහිටා ඇති අග්‍රබෝධී විහාරය මුල්කර ගනිමින් 1959 වර්ෂයේ කන්තලේ ප්‍රදේශයට සිංහල පාසල් හිඟ අවස්ථාවක රජ්‍ය අනුග්‍රහයකින් තොරව පූජ්‍ය නැගෙනහිර නාරද හිමියන්ගේ සංකල්පයක් මත "නැගෙනහිර බෞද්ධ අධ්‍යාපන සංගමය" මැදිහත් වීමෙන් කන්තලේ රජමහා විහාරයේ භූමියේ කොටසක පාසලකට සුදුසු ගොඩනැගිල්ලක් ඉදිකරන ලදී.
1959.02.02 දින ත්‍රිකුණාමල දිසාපති ඇන්ටන් ආර් මැක්හෙයිසර් මහතාගේ හා දිස්ත්‍රික් ඉඩම් නිලධාරී පි.එස්.බි.අදිකාරම් මහතාගේ ප්‍රධානත්වයෙන් "අග්‍රබෝධි විද්‍යාලය" ආරම්භ විය.සිසු දරුවන් 34 දෙනෙකු ගෙන් ආරම්භ කරන ලද මෙම විද්‍යාලයට අවශ්‍ය උපකරණ නැගෙනහිර බෞද්ධ අධ්‍යාපන ආයතනය මගින් ලබා දී තිබුණි.මෙසේ ආරම්භ කරන ලද විද්‍යාලයේ ප්‍රථම උපගුරුවරියක වශයෙන් ඇස්ලින් සිල්වා මෙනවිය වැඩභාරගන්නා ලදී.
1959.09.01 දින එලෙස ආරම්භ කරන ලද විද්‍යාලය සදහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන අතර විදුහල්පතිධුරය සදහා එස්.ජයවීර මහතා පත්වේ. මේ වන විට ගුරුබවතුන් 4 දෙනෙකු සේවය කරන අතර සිසු දරුවන් 138 දෙනෙකු අධ්‍යාපනය ලබන පාසල "රජයේඅග්‍රබෝධි විද්‍යාලය" බවට පත්විය.
1970 දශකයෙදී විද්‍යාලය විශේෂ කඩයිමක් පසු කළ අතර අග්‍රබෝධි ඉතිහාසයේ ප්‍රථම වරට විශ්ව විද්‍යාල වරම් හිමි කරගත් සිසුවා වශයෙන් සුනිල් ශාන්ත සිසුවා තේරී පත්විය. පසු කලක ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ලදී.