ඉන්ධන ජාවාරම්කරුවන්ට වැට බැඳිය හැකි ඉන්ධන කළමනාකරණ ජංගම දුරකථන වැඩසටහනක් (Fuel Management Mobile App) කන්තලේ ත්‍රී අග්‍රබෝධි විද්‍යාලයේ හංස මලිත් සමත්ව සිටිති. නෝ පෝලිම් (No Polim) ලෙස නම් කර ඇති මෙම ජංගම දුරකථන වැඩසටහන හරහා ඉන්ධන අර්බුදය පැවති සමයේ එකම වාහනයට එක් දිනකදී කිහිප වරක් එකම ඉන්ධන පිරවුම්හලින් හෝ වෙනත් පිරවුම්හලකින් ඉන්ධන ගැනීම වළක්වා ගත හැකිය. මේ හරහා සියල්ලන්ට ඉන්ධන ගැනීමේ අවස්ථාව උදා වන බව මෙම වැඩසටහනේ නිර්මාණකරුවකු වන හංස මලිත් පැවැසීය. එසේම වාහන හිමියනට ඉන්ධනහල් අසල දින ගණනාවක් පෝලිමේ නොසිට තමන්ට සමීප පිරවුම්හලකින් නිකුත් කරන ඉන්ධන ටෝකන් පතක් මෙම වැඩසටහන හරහා ගත හැකි අතර, පිරවුම්හලට අදාළ ඉන්ධන නිකුත් කිරීම් පිළිබඳ යාවත් කාලීන තොරතුරු ද ගත හැකිය. මීට අමතරව ඉන්ධන පිරවුම්හල්වල කාර්යක්ෂමතාව ඉහළ නංවන පහසුකම් රැසක් ද මෙම වැඩසටහනට එක් කොට තිබේ.